Sunday, February 27, 2011

0 Block කර ඇති ඕනෑම වෙබ් අඩවියකට යන හැටි ...

මම අද කියල දෙන්න යන්නේ අපේ රටට Block කරලා තියෙන ඕනෑම website එකක් ආරක්‍ෂිත ලෙස filters bypass කිරීමෙන් ඇතුළු වෙන ආකාරයයි . බොහෝ විට අමෙරිකාවේ තිබෙන විවිධ සේවා වලට හා පාසල් තුල තිබෙන පද්ධති මගින් < social networking > සේවාවන් හා වෙනත් වෙබ් අඩවි තුලට යාමට අවසර නොදී එම websites filters යොදා block කර තිබේ . එත් proxy servers භාවිතයෙන් අපිට filters මගින් හෝ වෙන යම් ආකාරයකින් block කර ඇති වෙබ් අඩවි තුලට පහසුවෙන්ම අතුලුවීමට ඉඩ ලබා දෙනවා .
anonymously web surfing සදහා හා bypass blocked websites සදහා proxy servers ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා . විවිධ දේවල් සදහා ලෝකයේ සිටින ගොඩක් හැකර්කරුවන් මෙම proxy servers තමන්ගේ අවශ්‍යතා සදහා යොදා ගන්නවා . එමෙන්ම proxy servers භාවිතයෙන් ඇති තවත් වාසියක් වෙන්නේ backtrack කිරීමෙන් හෝ වෙනත් අකාරයකින් නැවත අපව අල්ලා ගැනීමට නොහැකි වීමයි  .  එම නිසා proxy servers භාවිතය ඉතා ආරක්‍ෂිත ක්‍රමයක් ද වෙයි .


අපි දැන් බලමු proxy servers භාවිතයෙන් වෙබ් අඩවියක් bypass කරන්නේ කොහොමද කියලා . දැන් Internet එකේ ඕන තරම් proxy servers ලබා දෙන website තියෙනවා . මගේ favourite proxy server එක තමයි "http://www.proxeasy.com/" අපි බලමු මේක භාවිතයෙන් ඕනෑම වෙබ් අඩවියක් bypass කරනේ කොහොමධ කියලා . එක හරිම ලේසි වැඩක් . මුලින්ම මම දීපු වෙබ් අඩවියට යන්න . එතකොට එම Website එක මේ වගේ පෙනේවි .




දැන් "Web Address" කියන තැන ඔයාට ඕන URL එක Type කරලා "Go" button එක click කරන්න . එච්චරයි . මේ පහත තියෙන්නේ ඔයාලට තව proxy servers ගොඩක් හොයාගන්න පුළුවන් websites කිහිපයක් .  
         1. http://www.proxy.org                           
         2. http://www.proxy4free.com/
         3. http://www.publicproxyservers.com

0 comments:

Post a Comment